බස් රථවල ප්රවේශ පත්ර නොමැතිව ගමන් කරන බස්නාහිර පළාතේ මගීන්ට අද සිට දඩ නිකුත් කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය සඳහන් කරයි.
බස්නාහිර පළාතේ බස් රථවල ගමන් ගන්නා මගීන් විසින් ප්රවේශ පත්රයක් ලබාගැනීම හා එය සන්තකයේ තබා ගැනීම අද සිට අනිවාර්යය කර තිබේ.
ඒ අනුව, ප්රවේශ පත්රයක් ලබා නොදෙන කොන්දොස්තරවරුන්ටද දඩ පැනවීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව, එම මගීන්ට රුපියල් 100ක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවීමට සිදුවේ.










