ට්‍රම්ප් පරදා අසේන්ජ් ඉදිරියට

Image result for donald trump julian assangeලෝකප්‍රසිද්ධ ටයිම්ස් සගරාවට අනුව 2016 වසරේ විශිෂ්ඨතම පුද්ගලයා ලෙස පසුගියදා තේරීම සඳහා පැවැත්වූ තරඟයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා විකීලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසෙන්ජ් පෙරමුණ ගෙන ඇති බව වාර්තා වේ.

තරගයේ ජයග්‍රාහකයා නිල වශයෙන් නම් කිරීමේ කාර්යය සඟරාවේ කතුවරුන් විසින් කළ යුතු බව සඳහන් වන අතර අසෙන්ජ් ලබා ඇති ඡන්ද ප්‍රතිශතය 12% වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා ඇත්තේ 9% ඡන්ද ප්‍රතිශතයකි.

ඇමෙරිකානු ජනාධිපතිවරණ කාලසීමාව තුළදී අසෙන්ජ් විසින් හිලරි ක්ලින්ටන් සිදු කරනු ලැබූ දූෂිත ක්‍රියා සම්බන්ධ ඊ මේල් පණිවිඩ හෙළිදරව් කරනු ලැබීමත් සමග ඇමෙරිකානු සමාජයට දැඩි බලපෑමක් එල්ල විය. විශේෂයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගැනීමේදී සිදු කළ දූෂිත ක්‍රියා මෙන්ම හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ මෙහෙයුම් සිදු කළ  ජොන් පොඩෙස්ටා සම්බන්ධ ඊමේල් පණිවිඩ රැසක් අසෙන්ජ් විසින් හෙළිදරව් කරනු ලැබීය.

මීට පෙර ටයිම්ස් සඟරාවට අනුව 1938 වසරේදී  ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ද, 1939 දී හා 1942දී සෝවියට් දේශයේ ජෝසෆ් ස්ටාලින්ද  දිනාගෙන ඇති අතර පසුගිය වසරේදී ලොව විශිෂ්ඨතම පුද්ගලයා බවට පත්ව ඇත්තේ ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල්ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්