ජීවන්ගේ මස්සිනා සුදුවෑන් එකකින් උස්සලා

 

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන හිටපු මන්ත්‍රී සාගර සේනාරත්න මහතා කෝට්ටේ නාග විහාරය ඉදිරිපිටදී සුදු පැහැති වෑන් රථයකින් අද (26) රාත්‍රී 6.30ට පමණ පැහැරගෙන ගොස් ඇත.

මොහු, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ජීවන් කුමාරනතුංග මහතාගේ මස්සිනා කෙනෙකු වන අතර එජාපයේ සිට සන්ධානයට එක්වූවෙකු බවද පැවසේ.

මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසියට පැමිණිල්ලක්ද ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

රාත්‍රී 8.45ට පමණ ඔහුව ජාඇල ප්‍රදේශයේ පාළු ස්ථානයක දමාගෝස් සිටියදී හමුවී ඇත. මෙසේ පැහැරගැනීමට හේතුව කුමක්දැයි තවමත් අනාවරණයවී නොමැත.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්