ජිහාද් ජෝන් මවගෙන් සමාව ඉල්ලයි

අයි.එස්. ත්‍රස්ත සංවිධානය අත්අඩංගුවේ පසුවූ විදෙස් මාධ්‍යවේදීන් ඇතුළු පිරිස් ඉතා කෘර ලෙස ඝාතනය කළ අළුගෝසුවා සිය මවගෙන් සමාව ඉල්ලා ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය අනාවරණය කරයි.

ජිහාද් ජෝන් ලෙසින් පෙනී සිටිමින් සිදු කළ ඝාතනවලින් අනතුරුව පසුගියදා ඔහුගේ සැබෑ තොරතුරු අනාවරණය කර ගැනීමට විදෙස් බුද්ධි අංශ සමත් වී තිබේ. මොහු මොහොමඩ් එම්වාසි  නැමති 26 හැවිරිදි බ්‍රිතාන්‍ය මුස්ලිම් තරුණයා බව තහවුරු වී තිබේ.

මොහු වසර 6දී සිය පියාගෙන් වෙන් වී මව සමග බ්‍රිතාන්‍යයේ ලන්ඩන් බලා පැමිණ ජීවත් වී ඇති අතර පියා කුවේට්හි ජිවත් වේ. මොහු පිළිබඳ කුවේට්හි සිටින පියා ප්‍රකාශ කර ඇත්තේ ඔහු සහ තමා අතරේ කිසිදු සම්බන්ධයක් දැන් නොමැති බවත් තමා ලැජ්ජාවට පත් වන බවත් ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්