ජාතික හැඳුනුම්පත් කාර්යාලය ඉදිරිපිට උනුසුම් තත්වයක්

ද්වීභාශා ජාතික හැඳුනුම්පත් වැඩපිළිවෙල ආරම්භ කරමින් අද (28) කොළඹ, ජාවත්තේ පිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යාලයට 2000කට අධිකර පිරිසකට කැඳවීමේ ලිපි යවා ඇති අතර එහි උත්සවයක්ද පවත්වා ඇත.

කෙසේ නමුත් අද රාත්‍රී 10.00 පමණ වනවිටත් 500ක තරම් ප්‍රමාණයකට හෝ එම හැඳුනුම්පත් ලබාදීමට එම කාර්යාලයට හැකිවී නැත. මේ වනවිට ඒ සඳහා මාතර, හම්බන්තොට, අනුරාධපුරය, අම්පාර වැනි දුර බැහැර ප්‍රදේශවලින් පැමිණ ඇති 1500ක පමණ පිරිසක් තැන තැන නිදිකිරමින් සිටිති.

දැඩි ලෙස කොපයට පත්ව ඇති තවත් පිරිසක් මේ වනවිට කැකෝ ගසමින් විරෝධතා දක්වන බවත් එම ස්ථානයට කැරලි මර්ධන පොලිස් ඒකක කැඳවා ඇති බවත් පැවසේ.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්