ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් මුද්රණය සඳහා කිසිදු මුද්රණ ආයතනයකට ලබා නොදීම මත මේ වනවිට ගොවිසෙත ටිකට් පත් ඇතුළු ටිකට් පත් කිහිපයක් මුද්රණය කිරීමට නොහැකි මට්ටමකට පත්ව ඇති බව අනාවරණය වේ.
ඒ අනුව හෙට (28) දිනට අදාල ගොවිසෙත ටිකට් පත් මුද්රණය නොවීම මත මේ වනවිට ගණන් බලා ඇති ආකාරය අනුව ජාතික ලොතරැයි මණ්ඩලයට දිනකට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක (රු. 35,000,000) පාඩුවක් දරාගැනීමට සිදුව තිබේ.
මෙම ටිකට් පත් මුද්රණය සඳහා ටෙන්ඩර් ලබා දීමේදී දේශපාලන බලය යොදාගනිමින් මුද්රණ ආයතන තුණක් එය තමන් වෙත ලබා ගැනීමට ප්රයත්න දරා ඇති බවත් එම තත්වය තුළ නියමාණු කූල ටෙන්ඩර් ක්රමයටද පිටින් යමින් මෙම කටයුතු සිදු වෙමින් පවතින බවත් එම ආරව්වල නිසා ටිකට්පත් මුද්රණය නතර වී ඇති බවත් ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.
කෙසේ නමුත් මෙහි පාඩුව සම්බන්ධයෙන් වගකීම භාරගන්නේ කවුරුන් විසින්ද යන්න දූෂණ විරෝධීන සංවිධානය ප්රශ්න කරයි.









