සාමාන්ය පෙළ සමත් සිසු සිසුවියන්ට ජාතික පාසලකින් තවත් ජාතික පාසලකට මාරුවීම වලක්වමින් අධ්යාපන අමාත්යාංශය විසින් නිකුත් කර ඇති චක්රලේඛය වහා අහෝසි කරන ලෙසට බලකරන උද්ඝෝෂණයක් අද (16) ඉසුරුපාය ඉදිරිපිටදී පැවැත්විණි. මෙය සංවිධානය කර තිබුනේ පාසල් සුරැකීමේ ජනතා ව්යාපාරය විසිනි.
A සාමාර්ථ 7,8,9 ලෙස විශිෂ්ඨ ප්රතිඵල ලබාගෙන උසස් පෙළ පංති සඳහා ජාතික පාසල් වලට දැනටමත් ඇතුලත්වී එහෙත් මෙම චක්රලේඛය නිසා පාසලක් අහිමිව සිටින ශිෂ්ය ශිෂ්යාවන් සහ ඔවුන්ගේ දෙමාපියන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය. අදාල ගැටළුව පිළිඹඳ අධ්යාපන අමාත්යවරයා සමග සාකච්ඡා කිරීමට ඔවුන් අවස්ථාවක් ඉල්ලා සිටියද අමාත්යාංශයේ සියළු ගේට්ටු වසා පොලිසිය යොදවා ඇතුළුවීමට බාධාකර තිබුණි. මේ අවස්ථාවේදී අමාත්යාංශයේ ලේකම්වරයාද වෙනත් ගේට්ටුවකින් පිටත්ව ගොස් ඇත. පොලීසියේ බාධාකිරීම් මැද ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූ සිසුන් සහ දෙමාපියන් අවසානයේ චක්රලේකයේ පිටපතක් ගිනිතබා සිය විරෝධතාවය දැක්වීය.
මෙහිදී මාධ්ය ඇමතූ ලංකා ගුරු සේවා සංගමයේ ප්රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ මෙම චක්රලේඛය රටේ නිදහස් අධ්යාපනය විනාශ කිරිමේ තවත් එක් අවස්ථාවක් බවයි. අධ්යාපනය වෙනුවෙන් වෙන්කරන ප්රතිපාදන සිඝ්රයෙන් කපා දමමින් පාසල් අතර විෂමතාවයක් ගොඩනගන ආණ්ඩුව චක්රලේඛ හරහා සිසුන්ගේ මූලික අයිතිවාසිකම්ද උල්ලංඝනය කර ඇති බවයි.
සමාජවාදී ශිෂ්ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ පෞද්ගලික සහ ජාත්යන්තර පාසල්වල ඉගෙනගත්, ඇති හැකි අතලොස්සකගේ දරුවන්ට ජාතික පාසල් වල දොරටු විවරකරමින් රජයේ පාසල් වල ඉගෙනගත් දරුවන් අතරමංකරන ඔලමොට්ටල චක්රලේඛයක් අධ්යාපන ඇමතිවරයා නිකුත් කර ඇති බවය. මෙම චක්රලේඛය මීට වසර 30-40 කට පෙර නිකුත් කලේ නම් බන්දුල ගුණවර්ධන මහතාටද හංවැල්ල ම.ම.වි. සිට කොළඹ ලූම්බිණි විද්යාලයට ඇතුලත්විය නොහැකි වන බවයි.
මෙම චක්රලේඛයට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගැනීමට හා දෙමාපියන්, ගුරුවරුන් සම්බන්ද කරගත් උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට සූදානම් වන බව පාසල් සුරැකීමේ ජනතා ව්යාපාරයේ කැඳවුම්කරු ධම්මික අලහප්පෙරුම මහතා පැවසීය.











