හලාවත ආසනයේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක අජිත් ගිහාන්ට ග්රාමීය හා ප්රාදේශීය පානීය ජලසම්පාදන ව්යාපෘති සංවර්ධන රාජ්ය ඇමති සනත් නිශාන්තගේ මැරයින් පිරිසක් පහරදී තිබේ.
කඩු පොලු රැගෙන පැමිණි මෙම මැර පිරිස මෙහෙයවා ඇත්තේ රාජ්ය ඇමති සනත් නිශාන්තගේ සහෝදරයා වන ජගත් සමන්ත විසිණි.
හලාවත ආසනයේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක අජිත් ගිහාන් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික කමිටු සාමාජිකයෙකුද වයඹ හඬ පරිසර සංවිධානයේ කැඳවුම්කරුද මෙන්ම ආරච්චිකට්ටුව ප්රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරයාද වෙයි.
මෙම මැර පිරිස පසුගියදා ජාතික ජන බලවේගයට එක්වී රැස්වීම් සංවිධානය කළ පිරිසකගේ නිවෙස්වලටද පහරදී තිබේ. මේ වනවිට ඔවුන් අදාල මැර ප්රහාර සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලීසියට පැමිණිලි කර තිබේ.
















