ජවිපෙ ස්වීස්ටර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයන් අමතයි

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් හේරත් මහතා ස්විස්ටර්ලන්තයේ සුරිච් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර ශ්‍රී ලංකාවේ  වර්තමාන දේශපාලන තත්වය පිළිබද සාකච්ඡාවක් පසුගිය ඔක්තෝම්බර් 30 වන දා පවත්වා තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ස්විස්ටර්ලන්ත කමිටුව විසින් මෙම අවස්ථාව සංවිධානය කර ඇත. 

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සමුළුවක් සඳහා සහභාගි වීමට විජිත හේරත් මහතා මේ දිනවල විදෙස්ගත වී සිටින අතරතුරදී මෙලෙස ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමු වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්