ජවිපෙ ජාතික සංවිධායක සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ Guanxi කමිටුවේ ලේකම් අතර හමුවක්

ජවිපෙ ජාතික සංවිධායක සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ Guanxi කමිටුවේ ලේකම් අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් අනුව පසුගිය 11වනදා සිට චීනයේ සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, ප්‍රවාහන හා මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක ප්‍රමුඛ නියෝජිත පිරිසක් පසුගිය 12 වනදා චීන කොමියුනිස්ට් පක්ෂයේ Guanxi කමිටුවේ ලේකම් චෙන් ගන්ග් සහ එම ප්‍රාන්තයේ තවත් නිලධාරීන් කිහිපදෙනෙක් සමග නිල සාකච්ඡාවක් පවත්වන ලදි.

ගුවන්ෂි ප්‍රාන්තය වර්ග කිලෝමීටර 237,000කට ආසන්න වපසරියක් සහිත භූමි ප්‍රමාණයක් සහිත මිලියන 57කට ආසන්න ජනගහණයක් සහිත ප්‍රාන්තයකි.

එහිදි චීන කොමියුනිස්ට් පක්ෂයේ Guanxi කමිටුවේ ලේකම් චෙන් ගන්ග්, ගුවන්ෂි ප්‍රාන්තයේ ඇති විශේෂත්වයන් පිළිබඳවත්, කලාපය තුළ ජනතාවගේ ආර්ථික තත්වය නගා සිටුවීමට ගෙන ඇති පියවර පිළිබඳවත්, ප්‍රධාන ජාතිකත්වයට අමතරව ජීවත් වන ජාතිකත්වයන්ගේ ජීවන තත්වයන් නගාසිටුවීම 2020 ව⁣සරේ සිට රජයේ ප්‍රමුඛතාවයක් කරගෙන ඇති බව මෙහිදී ප්‍රකාශ කරන ලදි.

තවද කෘතිම බුද්ධිය ආශ්‍රිත සේවා සැපයීමේ කර්මාන්තය හා සේවා සැපයිම සහ අග්නිදිග ආසියානු කලාපයේ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාව හා ගුවන්ෂි ප්‍රාන්තය අතර සබඳතා ඇතිකරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කරන ලදි.

පාලන බලය ලබා වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනතාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන ලදි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. එම් අස්ලාම් හා සෙල්වතම්බි තිලකනාදන් යන අයද ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත පිරිසක්ද සම්බන්ධ විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්