ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ‘ජනතාව පෙළන පාලනයට එරෙහි ජන පෙළගැස්ම’ රථ පෙළපාලිය අද කුරුණෑගල නගරමධ්යයෙන් ගමන් කිරීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා නගරයේ සිදුකර තිබූ සියලු සැරසිලි මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ගලවා ඉවත්කර ඇතැයි වාර්තාවේ.
අද (30) පෙරවරුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් සැරසිලි ඉවත්කර දමන්නැයි එම පක්ෂයේ කුරුණෑගල ප්රාදේශීය සභා මන්ත්රී ධර්මප්රිය දිසානායක මහතාට දුරකථනයෙන් දැනුම්දී ඇති අතර ඔහු පවසා ඇත්තේ රථපෙළපාලිය කුරුණෑගලින් ගමන් ගන්නා බැවින් එය අවසන්වූ පසු අද (30) රාත්රියේදී මෙම සැරසි ඉවත්කරගන්නා බවයි.
කේසේ නමුත් එම සැරසිලි ඉවත් කිරීමට එම අධිකාරිය මේ වනවිට පියවර ගෙන ඇත.
ආශ්රිත පුවත්
මේ ආණ්ඩුවත් දුෂ්ට ක්රමයත් පරාජය කිරීමට දැවැන්ත බලයක් නිර්මාණය කළ යුතුයි – ටිල්වින් සිල්වා
z-score අවුල වහා විසඳනු ! සියලු සිසුන්ට සාධාරණය ඉටුකරනු ! – ජවිපෙ
ජන පෙළගැස්මට වෘත්තීය සමිති නායකයනුත් එක්වෙයි
ස්ත්රී දුෂණ සහ ළමා අපචාරවලට එරෙහිව නීතිය නිසි ලෙස කි්රයාත්මක කරනු – ජවිපෙ
ජවිපෙ ජන පෙළගැස්මට ජනතා සහය ඉහළින්
ජන පෙලගැස්ම සිව්වන දිනටත් සාර්ථකව ඉදිරියට









