ජල විදුලියත් අඩියටම වැටෙයි

ජල විදුලියත් අඩියටම වැටෙයි

ජලවිදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජලමට්ටම් ඉතා සීඝ්‍රයෙන් තවදුරටත් පහත බසිමින් තිබෙන අතර ජල විදුලි ජනනය ඉතා අඩු මට්ටමකට පත්ව ඇතැයි විදුලිබල අමාත්‍යංශය කියයි.

එම නිසා විදුලිය ඉතා අරපිරිමැස්සෙන් භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම අමාත්‍යාංශය පවසයි.

කාසලරී ජලාශයේ ජල මට්ටම මීටර් 15 පමණ දක්වා පහත බැස තිබෙන අතර ජනනය කළ හැකි විදුලිය ප්‍රමානය 7% දක්වා අඩු වී ඇතැයිද එම අමාත්‍යංශය කියයි.

මා උස්සාකැලේ ජලාශයේ ජලමට්ටම මීටර් 13 දක්වා අඩුවී ඇති අතර ජනනය කළ හැකි විදුලි ඒකක ප්‍රමාණය සමස්ත ධාරිතාවයෙන් 27%ක් බවද විදුලිබල අමාත්‍යංශය සඳහන් කරයි.

සමනල වැව ජලාශයේ ජලමට්ටම මීටර් 25 දක්වාද කොත්මලේ ජලාශයේ ජලමට්ටම මීටර් 24 දක්වාද වික්ටෝරියා ජලාශයේ ජලමට්ටම මීටර් 27 දක්වාද පහත ගොස් ඇතැයි විදුලිබල අමාත්‍යංශය කියයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්