
පානීය ජලය අපතේ යැවීමට එරෙහිව නීති සම්පාදනය කරන මුවාවෙන් ජල පරිහරණය සම්බන්ධයෙන් අළුතින් බද්දක් හෝ දඩ ක්රමයක් හදුන්වා දීමට ආණ්ඩුව සූදානම්වේ.
කෙසේ වෙතත් මේ අනුව සිදුවෙමින් පවතින්නේ මිනිස් පරිභෝජනයට අමතරව එදිනෙදා කටයුතු වෙන්වෙන් යොදා ගන්නා ජලය ම්ස්බන්ධයෙන් අමතර වැඩි ගාස්තුවක් අය කිරීමේ සැලැස්මක් ක්රියාත්මක කිරීම බව අනාවරණය වේ.
ජාතික ජලසම්පාදන හා ජලාපවාහන ඇමති දිනේෂ් ගුනවර්ධන ජලය අපතේ යැවීම යනුවෙන් නිර්වචනය කර ඇත්තේ ගෙවතු අලංකරණය රථ වාහන සේදීම වැනි කටයුතුය. මෙවැනි එදිනෙදා කටයුතු සදහා අමතර ගාස්තුවක් අය කිරීම කෙසේ කළහැකිද යන්න විවාදාත්මකය. කෙසේ වෙතත් “ලංකාටෘත්” වෙත වාර්තා වන්නේ “ජලය අපතේයෑම වැලැන්වීම” යන පාඨය ඉදිරියට දමා ජල බිල් විශාල වශයෙන් ඉහළ දැමීමට සූදානම් වන බවය.









