ජර්මානු තානාපති සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

ජර්මානු තානාපති සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමාන් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද 31 පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ දී සිටින අභියෝගකාරී තත්වය පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත.

මෙම හමුව සඳහා ජර්මානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු උපදේශකා ධරිණි දළුවත්ත සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්