ජර්මනියෙන් ට්‍රම්ප්ට දරුණු ප්‍රහාරයක්!

ජර්මනියෙන් ට්‍රම්ප්ට දරුණු ප්‍රහාරයක්!

ඇමෙරිකාව හෝ බ්‍රිතාන්‍ය තවදුරටත් තමන්ගේ හිතමිතුරු රාජ්‍යයන් ලෙස සැලකිය නොහැකි බව ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් කරනු ලැබූ ප්‍රකාශයත් සමග ඇමෙරිකානු ආධිපත්‍යයට ප්‍රබල බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මෙම විවාදාත්මක ප්‍රකාශය සිදු කරනු ලැබුවේ ජී-7 රාජ්‍ය නායක හමුව හා නේටෝ සංවිධානයේ නායකයින්ගේ හමුවේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා සිදුකරනු ලැබූ චෝදනාත්මක ප්‍රකාශයන්ගෙන් අනතුරුව වීම විශේෂත්වයක් වේ.

ජර්මන් චාන්සලර්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ යුරෝපා සංගමයෙන් වෙන්වීමට බ්‍රිතාන්‍ය කටයුතු කිරීමත් ජනාධිපතිවරයණ සමයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා රටවල් සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ ප්‍රකාශයන්ගෙනුත් තව දුරටත් ඔවුන් මත රඳ පැවතීම නවතා තම ඉරණම පිළිබඳ තීන්දු ගැනීම තමන් විසින්ම සිදු කිරීමට කාලය එළඹ ඇති බවයි. එසේම ජී-7 සමුළුවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ස්ථාවරයන් ප්‍රකාශකළ බවත් ඊට අනුව 2015 වසරේදී පැරිස් දේශගුණික සමුළුවේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ නොහැකි තත්වයක් උදා වී ඇති බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්