ජර්මනියට තවත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙයි

ජර්මනියේ ඇන්ස්බාක් නගරයේ සංගීත සංදර්ශනයක් පැවැත්වෙමින් තිබූ එළිමහන් රංග පීඨයක් අසල සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ජර්මන් ආරක්ෂක අංශ විසින් සැකකටයුතු පුද්ගලයාට ප්‍රසංගය පැවති භූමියට ඇතුළු වීමට නොදීමත් සමග ඔහු සිය බෑගයේ තිබූ යමක් පුපුරවාගෙන ඇති බව පැවසේ. සැකකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු 27 හැවිරිදි සිරියානු සරණාගතයකු බවට මේ වනවිට හඳුනාගෙන තිබේ.

ප්‍රසංගය පැවැති භූමියේ එම අවස්ථාව වන විට 2,500කට වැඩි පිරිසක් සිට ඇති අතර තුවාල ලැබූවන්ගේ තොරතුරු මෙතෙක් අනාවරණය නොවේ. ජර්මනියේ බාවේරියා ප්‍රාන්තයේ සතියක් තුළ සිදුවූ තෙවැනි ප්‍රහාරය මෙය වන අතර මීට පෙර තුවක්කුකරුවකු පසුගිය සිකුරාදා මියුනිච්හිදී ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඊට පෙර දුම්රියක් තුළ සිදු කර ප්‍රහාරයකදී පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලැබීය.Armed police in Ansbach, Germany, 25 July 2016Ambulance near scene of explosion. 25 July 2016

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්