ජර්මන් වාමාංශිකයන් පොලිසිය සමග ගැටේ

ජර්මනියේ වාමාංශික තරුණයින් පොලිසියට එරෙහිව පැවැත්වූ දැවැන්ත විරෝධතාවයකදී සිදු වූ ගැටුම් හේතුවෙන් පොලිස්‍ නිලධාරීන් 123දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පොලිස් නිලධාරීන් වාමාංශික තරුණයින් රැස්වන මධ්‍යස්ථානයක් නිරන්තරයෙන් වැටලීමට විරෝධය පළ කරමින් මෙම පැවති උද්ඝොෂණයට දහස් ගණන් විරෝධතාකරුවන් සහභාගී වී තිබේ. එහිදී විරෝධතාකරුවන්ට පොලිසිය කඳුළු ගෑස් හා බැටන් ප්‍රහාර එල්ල කිරීමත් සමග ප්‍රකෝපකාරී වූ විරෝධතාකරුවන් පොලිසියට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇති අතර අතට හසු වූ දෑවලින් පොලිසිය වෙත ප්‍රහාර එල්ල කර තිබේ.

මෙම විරෝධතාවයට ප්‍රහාර එල්ල වීමත් සමග ජර්මන් පොලිසියට එරෙහිව වාමාංශික කණ්ඩායම් අතර දැඩි විරෝධයක් ගොඩනැගී ඇති බව වාර්තා වේ. පසුගිය වසර පහක පමණ කාලය තුළ ජර්මනියෙන් වාර්තාවූ බරපතලම සිදුවීම මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Police clash with demonstrators in Berlin.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්