නැවතත් ශ්රී ජයවර්ධපුර විශ්වවිද්යාලයේ කලා පීඨයේ සහ කළමණාකරණ පීටයේ ශිෂ්ය ශිෂ්යාවන් 15දෙනෙකුට එරෙහිව පංති තහනමක් ක්රියාත්මක කර ඇතැයි වාර්තාවේ.
ශිෂ්යන්ට නිදහසේ අධ්යාපන ලැබීමේ නිදහස වෙනුවෙන් සහ මුදලට උපාධි විකිනීමට එරෙහිව එම විශ්වවිද්යාලයේ සිසු සිසුවියන් හඬනැගීමේ වරදට මීට පෙර සිසු සිසුවියන් 31 දෙනෙකට ඉතා අත්තනොමතික ලෙස ජයවර්ධපුර උපකුළපතිවරයා විසින් පංති තහනමක් ක්රියාත්මක කර ඇත.
ඊට එරෙහිව සහ එම සිසුන්ගේ පංති තහනම ඉවත් කරන ලෙස පරිපාලනයට බල කරමින් උද්ඝෝෂණයක් සිදුකර පෙත්සමක්ද අත්සන් කර ඇති අතර එහිදී මැදිහත්ව කටයුතුකළ ශිෂ්ය භික්ෂූන් වහන්සේ දෙනමක ඇතුළු 15දෙනෙකුට මෙලෙස පංති තහනම ක්රියාත්මකර තිබේ.
මේ වනවිට එම විශ්වවිද්යාලයේම වෛද්යපීටයේ සිසු සිසුවියන් 25දෙනෙකුට පමුනුවා තිබූ පංති තහනම සිසු විරෝධතා හමුවේ අත්හිටවූ පංති තහනමක් දක්වා ලිහිල් කර ඇත.
ආශ්රිත පුවත්









