ජනාධිපතිවරණයට ගෝඨාභය ආවොත් මගේ සහාය නැහැ

ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වන්නේ නම් තමා සහාය පල නොකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

නඩු කටයුත්තක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් සිදු කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කර ඇත.

තාමගේ ස්ථාවරය අවුරුද්දක සිට ප්‍රකාශ කර ඇති බවත් මිනීමරන පසුබිමක් ඇති පද්ගලයෙතු සිටින්නේනම් අදාළ පුද්ගලයා මිනීමරපු බවට මහජනතාව අතර ප්‍රසිද්ධනම් තාම ඔහුට සහාය පල කරන්නේ නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්