මේවන විට පැවැත්වෙන ”ශ්රී ලංකා ඉන්වෙස්ට් පෝරම් 2021 ආයෝජන සමුළුව” නිසා මෙරටට විදේශීය ආයෝජකයන් 1,883ට වැඩි පිරිසක් අවධානය යොමුකර ඇති බව ආණ්ඩුවේ මාධ්ය වාර්තා කර තිබේ.
දින 3ක් පැවැත්වෙන මෙම සමුළුව අමතා ජනාධිපතිවරයා කළ දේශනය නිසා මෙම විදේශ ආයෝජකයන් ශ්රී ලංකාව කෙරෙහි යොමුවී ඇති බව එම වාර්තාවලින් දැක්වේ.
මේ තුළින් මෙරටට කෙටිකාලීන සහ දිගුකාලීන ආර්ථික ජයග්රහණ රැසක් අත්කර ගැනීමේ හැකියාව ඇති බව ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාද ප්රකාශ කර ඇත.










