ජනපති, සේනාධිපති එකට කති…

ප්‍රබල ඇමති පුත්‍රයෙකුට අයත් යැයි පැවසෙන අවහලක් අද (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කර තිබේ.

බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි එම අවහන් විවෘත කිරමින් පීත්ත පටිය කැපීමේ අවස්ථාවට ජනාධිපතිවරයාට අමතරව අධිකරණ හා බුද්ධසාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ එම මහත්මියද එක්වී සිටියහ. 

මෙම උත්සවයට ආරාධිත අමුත්තන් ලෙස ඇවන්ගාඩ් අධිපති නිස්සංක සේනාධිපති, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, ජනාධිපති පුත් දහම් සිරිසේන යන මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියහ.

ඇවන්ගාඩ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු වූ කතාබහේදී විජේදාස රාජපක්ෂ, වජිර අබේවර්ධන යන අයගේ නම් ඉදිරියෙන්ම කියැවිණි.

ජනපති, සේනාධිපති එකට කති…

Posted by Lanka Truth on Monday, January 30, 2017

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්