ජනපති ඇමරිකා සංචාරය අරඹයි

70 වැනි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සමුළුවට සහභාගිවීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ඇමරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපළ ආරංචි කියයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන 30 වැනිදා නිව්යෝර්ක් වෙලාවෙන් එදින පෙරවරු 9.45ට එක්සත් ජාතීන්ගේ 70 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය පවසයි.

සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන ප‍්‍රථම අවස්ථාවද මෙය වේ. මීට අමතරව ජනාධිපතිවරයා ලෝක නායකයින් රැසකගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ආර්ථික සමුළුවකටද සහභාගී වනු ඇත.

නිව්යෝර්ක් නුවර බලා ගිය නියෝජිත පිරිසට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරුද ඇතුළත්ව සටිති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්