ජංගම දුරකථනවල මයිටාවන් සිටින බවට වෛද්ය පර්යේෂණ ආයතනය විසින් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇති බවට පසුගිය දිනවල වාර්තා පළවුවත් ජංගම දුරකථනවල එවැනි මයිටාවන් සිටින බවට පළවන වාර්තාවල කිසිදු සත්යතාවක් නොමැති බව සෞඛ්ය අමාත්යංශය පවසයි.
එවැනි කිසිදු පරීක්ෂණයක් සම්බන්ධයෙන් වෛද්ය පර්යේෂණ ආයතනය සෞඛ්ය අමාත්යංශය දැනුවත් කර නොමැති බව අමාත්යාංශය පෙන්වාදෙයි.
පසුගිය දිනවල පළ වූ වාර්තාවලට අනුව බොහෝ ජංගම දුරකතන හිමිකරුවන් සිය ජංගම දුරකතන පරීක්ෂා කරවා ගැනීම සඳහා වෛද්යපර්යේෂණ ආයතනයට මෙන්ම ජංගම දුරකතන අලුත්වැඩියා කරන ස්ථානවලට පැමිණීමටද පෙළඹී ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ සෞඛ්ය අමාත්යංශ ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීද තීරණය කර තිබේ.
අපිරිසිදු ඕනෑම ස්ථානයක මයිටාවන් බෝ විය හැකි නමුත් ජංගම දුරකතනවල එවැනි මයිටාවන් බෝ වී ඇති බවට තොරතුරු නොමැති බව සෞඛ්ය අමාත්යංශය වැඩිදුරටත් කියා සිටියි.
කෙසේ නමුත් වෛද්ය පර්යේෂණ ආයතනය යනු සෞඛ්ය අමාත්යංශයේ වැදගත්ම ආයතනය ලෙස සැලකේ.









