මැතිවරණ නීතිය ක්රියාත්මක වන කාලය තුළ මහජනතාව වෙත සහනාධාර ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් පළමු නිවේදනය මැයි 07 වෙනි දින නිකුත් කර තිබේ.
එම නිවේදනයෙන් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්යශයේ ලේකම් වෙත මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්රී රත්නායක විසින් ඍජු දැනුම්දීමක් කර ඇත. එමගින් අවධාරණය කර ඇත්තේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් අවලංගු කර නොමැති බැවින් මෙම අමාත්යංශයෙන් අඩු ආදායම්ලාභීන් සඳහා ආධාර වැඩ සටහන් ක්රියාත්මක කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක නියෝජිතයන් සම්බන්ධ කර නොගන්නා ලෙස ය.











