ඡන්දයකට මුට්ටිය දා බලයි

නැගෙනහිර පළාත් සභාව නියමිත කාලයට පෙර විසුරුවා හැර මැතිවරණයක්‌ පැවැත්වීම පිළීබද ප්‍රවෘත්තියක් ආණ්ඩුවේ අවශ්‍යතාවය මත මේ වන විට පැතිර යමින් පවතී.

මෙය මූලික කර‍ගෙන එම පළාත තුළ ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතිකත්වයන් අතර මහඇමති ධූරය ලබාගැනීමේ තරගයක් නිර්මාණය වී ඇත. මෙය දේශපාලන වශයෙන් අනතුරුදායක තත්වයක් බව විශ්ලේශකයන් පෙන්වා දෙති. විශේෂයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව තුළ මෙම බල අරගලය තියුනුවී ඇති බව හෙළිවේ.

2008 වසරේදී නැගෙනහිර පළාත එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් මුළුමුනින්ම නිදහස්කරගැනීමෙන් අනතුරුව පළාත්සභා මැතිවරණ පැවැත්වීම නැගෙනහිරින් ආරම්භ කළේය. එය එක් එක් පළාත්සභා වශයෙන් රට පුරා පවත්වා මහින්ද රාජපක්ෂ පාලනයේ බලය තහවුරුකරගැනීමට සමත්විය මෙවරද නැගෙන හිර පළාතෙන් ආරම්භ කර එවැනි බලලෝභී අපේක්ෂාවන් ඉටුකර ගැනීමේ මැතිවරණ ක්‍රියාවලියක් ආරම්භකරන්නේනම් එය බරපතල තත්වයක් වන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්