සමාජවාදී තරුණ සංගමය මගින් සංවිධානය කරනු ලබන චේ ගෙවාරා සැමරුම අද (22) දින සවස 4.30ට කොළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැත්වෙන බව වාර්තා වේ.
එය දෙස් විදේස් ආරාධිතයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර පවත්වන බව එම සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි.
සැමරුම් උත්සවයෙන් අනතුරුව විශේෂ සංස්කෘතික ප්රසංගයක්ද පැවැත්වෙන බවද වාර්තා වේ.
මෙම සැමරුම සහ සංස්කෘතික ප්රසංගය http://www.syulanka.com/sinhala/ වෙබ්අඩවිය හරහා සජීවී විකාශයක්ද සිදුකෙරෙන බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.
ආශ්රිත පුවත්
ආසියානු කලාපයේ පුළුල්තම චේ ගෙවාරා සැමරුම මෙවර කොළඹදී පවත්වනවා – බිමල්









