චීන රජයෙන් ලබා දුන් ශ්රී ලංකාවේ ශ්රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ සිට පොර්ට් සිටියට එරෙහි නොවන ලෙස ශ්රී ලංකාවෙන් ඇසෙන විට අප්රිකාවේ ජිබුටි රාජ්යයේ DORALEH වරාය නගරය අත්පත් කරගනිමින් එහි හමුදා රැඳවීම සඳහා චීන රජය ඔවුන්ට ලබා දුන්නේද මනස් කාන්ත විදේශ අමාත්යංශ ගොඩනැගිල්ලකි. ඒ හා සමානව පැසිෆික් හා ඉන්දියන් සාගරය මුහුද දික්විජය කිරීම සඳහා චීනය ඕස්ට්රේලියාවේ උතුරු පෙදෙසේ ඉන්දියන් සාගරයට විවෘත වන darwin වරාය 2015 අත්පත් කරගනුයේද වසර 99 බද්දකට යටත්ව ශ්රී ලංකාවේ හම්බන්තොට වරාය අල්ලා ගත් ආකාරයටමය.
ඒ අනුව 2013 දී චීන ජනාධිපති jinpingගේ සැලැස්මකට අනුව ක්රියාත්මක වන Belt and Road ව්යාපෘතිය ඔස්සේ චීන රජය සමග ඕස්ට්රේලියාවේ ෆෙඩරල් රාජ්යයක් වන victoriya ප්රාන්තය විසින් චීන රජය සමග 2018 දී හා 2019 දී අත්සන් කරන ලද ගිවිසුම් හතරක් අවලංගු කිරීමට මේ වනවිට ඕස්ට්රේලියා මධ්යම රජය තීරණය කර ඇත.
ඕස්ට්රේලියාවේ පවතිනුයේ ෆෙඩරල් රාජ්යයකි. ෆෙඩරල් ලක්ෂණ සහිත රාජ්යයක ව්යවස්ථාවේ ආරක්ෂාව, විදේශ සම්බන්ධතා, අධ්යාපනය, සෞඛ්යය සම්බන්ධයෙන් තීරණ ගනුයේ මධ්යම රජය විසිනි. නමුත් වික්ටෝරියා ප්රාන්තය විසින් 2013 දී චීන රජය සමග මෙගා ව්යාපෘති රාශියක් සඳහා අත්සන් කරන කරන ලද ගිවිසුම රටේ ස්වාධිනත්වයට හා ව්යවස්ථාවට පටහැණි බව දක්වමින් එය අවලංගු කිරීමට එරට රජය තීරණය කර ඇත. මෙම සමස්ථ ව්යාපෘතිය තුළ ඉලක්කය වී ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ආර්ථික, මිලිටරි හා භුගෝලාත්මක අතින් වැදගත් ප්රදේශ අත්පත් කරගැනීමේ ප්රචාරක වැඩපිළිවෙලක් බව ඔස්ට්රේලියා ආරක්ෂක ඇමති Peter Dutton මාධ්ය වෙත සඳහන් කර සිටියේය.
2015 දී නිදහස් වෙළඳ ගිවිසුමක් ඔස්සේ වසරකට ඩොලර් බිලියන 110 ක් එන්නත් කරමින් චීන රජය ඕස්ට්රේලියානු වෙළඳපලට ඇතුළු විණි. අද වනවිට ඕස්ට්රේලියාවේ අපනයණ භාණ්ඩ වලින් 1/3ක් (යපස් ඇතුළු කාර්මික අමුද්රව්ය) අපනයනය කරනුයේ චීන වෙළඳපලටයි. සංචාරක කේෂ්ත්රයේ දී චීන සංචාරකයින් විසින් ඕස්ට්රේලියා ආර්ථිකයට ලබාදෙන දායකත්වය වසරකට ඩොලර් බිලියන 7ක් (2%PIB)පමණ වේ. නව නගර, සංස්කෘතික මධ්යස්ථාන, ඇවිදින මං තීරු, මහා පරිමාණ උයන්, විදුලි බලාගාර හා රට අවට ඇති දුපත් පවා (උදා:Tasmanie දුපත ) චීන ව්යාපාරිකයින් විසින් අත්පත් කරගෙන ඇත. අධ්යාපන හුවමාරු ගිවිසුම් යටතේ චීන සිසුන් 180000කට ඕස්ට්රේලියාවේ අධ්යාපනය ලබාදෙමින් ඕස්ට්රේලියානු රජය විශාල මුදලක් උපයා ගනී.
උතුරු ප්රදේශයේ darwin වරාය හිමිකරගෙන ඇත්තේද 99 බදු ප්රතිපත්තිය මත චීන රතු හමුදාවට සමබන්ධ Landbridge Group ආයතනය විසිනි. මෙම ගිවිසුම මගින් චීන රතු හමුදාවට යුධමය අවස්ථාවකදී හෝ වෙනත් ඕනෑම හදිසි අවස්ථාවකදී මෙම ආයතනය ඔස්සේ darwin වරාය භාවිතා කිරීමට හැකියාව ලැබී ඇත්තේ ඕස්ට්රේලියාවේ ස්වාධිපත්යය අමු අමුවේම උල්ලංඝනය කරමිනි. ගිවිසුම යටතේ මෙම වරාය අවට හෙක්ටයාර් මිලියන 14ක් ඉඩම් හා ගොවිපලවල් මිලට ගෙන ඇත.
චීනය මෙම ආර්ථික හා මිලිටරි අරමුණු සාර්ථක කර ගැනීම උදෙසා ප්රාදේශීය දේශපාලකයින්ට අධ්යාපන හා වෙළඳ චාරිකා, ඕස්ට්රේලියා විශ්ව විද්යාල ආචාර්යවරුන්ට හා සිසුන්ට ශිෂ්යත්ව ලබාදීම්, රාජ්ය නොවන සංවිධාන, කලා හා මාධ්ය සංවිධාන මගින් දේශපාලන පක්ෂ වලට මුදල් දීම වැනි ක්රියාකාරකම් ඔස්සේ රට පුරා ඔත්තු ජාලයක් පිහිටුවා ඇති බව වාර්තා වේ. දේශපාලනය, ආර්ථික, රාජතාන්ත්රික හා ආරක්ෂක කේෂ්ත්ර වල චීන සේද මාවතේ අරමුණු සපුරාගැනීම වස් පුද්ගලයින් රාශියක් ඕස්ට්රේලියානු රජය හා පරිපාලනය තුළ ස්ථාන ගත කිරීමට චීනය සමත් වී ඇති බව බටහිර මාධ්ය වාර්තා කර සිටි. මෙම ඉලක්ක කොතරම් සාර්ථකවීදයත් ඕස්ට්රේලියාව චීන ජාත්යන්තර බැංකුව ලෙස සැලකෙන Banque asiatique d’investissement හි (ඩොලර් බිලියන 60) සාමාජිකත්වයද ලබා දී ඇත.
මේ සියළු ආර්ථික ගිවිසුම් පසුපසින් එන චීන ව්යාප්තවාදය ඕස්ට්රේලියානු රජය තේරුම් ගන්නා විට පරක්කු වී හමාරය. එම නිසා 2020 වසරේ සිට ඕස්ට්රේලියානු රජය චීන රජය සමග තම ප්රාන්ත රාජ්යයන් හිතුමතේට අත්සන් කරන ලද සියළු ගිවිසුම් තම ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකා අහෝසි කිරීමට හා නැවත සමාලෝචනය කිරීමට පියවර ගනිමින් සිටි. එහි ප්රථම පියවර ආරම්හ වනුයේ 2018 දී චීනයේ Huawei ටෙලිකොම් ආයතනය (5G) පිටුවහල් කරමිනි. කොරෝනා වසංගතය සමබන්ධයෙන් හා හොං කොං සමබන්ධයෙන් ජාත්යන්තර පරීක්ෂණයක් ඉල්ලීම නිසාත් රටවල් දෙක අතර හොඳ හිත පළුදු වී ඇත. චීන ආක්රමණය පාලනය කිරීම සඳහා මේ වනවිට නීති 38 ක් පනවා ඇත. රටේ දේශපාලන පක්ෂ වලට චීනයෙන් මුදල් ලබාගැනීම තහනම් කර ඇත. එසේම ජපානය හා ඇමරිකාව සමග කලාපයේ ආරක්ෂාව සඳහා යයි පවසමින් නව ආරක්ෂක ගිවිසුමකට ඕස්ට්රේලියානු රජය එළඹ ඇත.
මෙම හදිසි නීති හා ඕස්ට්රේලියානු රජයේ චීන විරෝධී ක්රියාකලාපය චීන රජය දැඩි ලෙස හෙළා දැක ඇත. එයට පිළිතුරු ලෙස ඕස්ට්රේලියාවෙන් ගෙන්වන බාර්ලි, මස්, වයින්, කපු, හා කාබන් වැනි භාණ්ඩවලට (212%) අධික බද්ධක් චීන රජය විසින් අයකිරීම හේතුවෙන් ඕස්ට්රේලියාවට ඩොලර් බිලියන 12ක පාඩුවක් මේ වනවිට සිදුවී ඇත. මෙම බදු අය කිරීම් වලට එරෙහිව ඕස්ට්රේලියානු රජය ලෝක වෙළඳ සංවිධානයේ චීනයට එරෙහිව නඩු පවරා ඇත.
කෙසේ වෙතත් චීනය සමග ඕස්ට්රේලියානු රජයේ මෙම ගැටුමේ පිටුපස ඇමරිකාව සිටින බවට කිසිදු සැකයක් නොමැත. නමුත් ඕනෑම රටක භෞමික අඛණ්ඩතාව, ආරක්ෂාව හා ස්වාධිනත්වය සමබන්ධ ප්රශ්නයේදී එය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ඕස්ට්රේලියානු ජනතාවට විනා චීනයට හෝ ඇමරිකාවට නොවන බව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර සිටින මැදිහත් දේශපාලන විශ්ලේෂකයින් පවසයි.










