තායිවානයේ සංචාරයක නිරත වී නැවතත් ගුවන් තොටුපළ වෙත බස් රථයකින් පැමිණෙමින් සිටී චීන සංචාරකයින් 26 දෙනෙකු පිළිස්සී මිය ගොස් ඇත.
තායිවාන තායුවාන් ජාත්යන්තර ගුවන්තොටුපල සමීපයේ අධිවේගී මාර්ගයකදී මෙලෙස සුඛෝපභෝගී බස් රථය අනතුරට ලක්වී ඇති අතර බස් රථයේ සිටි කිසිවෙකුට ඉන් බේරීමට හැකිවී නොමැති බව වාර්තා වේ.
ඊසාන දිග චීනයේ ඩාලියෑන් ප්රදේශයේ සිට මෙම සංචාරකයින් පැමිණ ඇති මෙම සංචාරකයින් පිරිසක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර අධිවේගී මාර්ගයක අනතුර සිදුවීම හේතුවෙන් ගලවා ගැනීමෙ කටයුතු අපහසු වී තිබේ.











