Lai Xiaomin යනු චීනයේ විශාල විවිධ කේෂ්ත්ර යටතේ ක්රියාත්මක වන conglomérat financier හෙවත් China Huaong asset නම් මුල්ය සමාගමේ හිටපු අධ්යක්ෂකවරයාට මෙම මස 5 වැනිදා චීන අධිකරණයක් මගින් මරණ දඬුවම ලබා දී තිබේ.
වසර 10 ක කාලයක් තුළ අල්ලස් වශයෙන් යුවාන් බිලියන 1.8 ක් (ඩොලර් මිලියන 200 ක්, ඩොලර් මිලියන 280 ක්) අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත ලයි ෂියාමින් 2018 දී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු විසින් සිදුකරන ලද ඩොලර් මිලියන 215ක වංචාවක් හසුවීම හා තවත් මිලියන 13ක් අල්ලසක් ලෙස ගැනීමට උත්සහ කිරීම යන බරපතළ චෝදනාවලට වරුදකරු වීම නිසාවෙන් මෙම දඬුවමට ලක්කර තිබේ. Lai Xiaomin විසින් චීන රජයට සිදුකරන ලද ඩොලර් මිලියන 3ක වංචාවක් පිළිබඳවද ඔහුට චෝදනා ඉදිපත් වී තිබිණි. මෙම සියලු චෝදනා Lai Xiaomin විසින් චීන රුපවාහිනිය ඉදිරියේ සිදු කරන ලද දීර්ඝ කරනු දැක්වීමකින් අනතුරුව ඔහු විසින් පිළිගෙන තිබිණි. එසේම එම වැඩසටහන තුළදීම පොලීසිය විසින් ඔහුගේ නිවසේ තිබී සොයාගත් විශාල මුදල් තොගයක්, සුපිරි වාහන, රත්රන් තොගයක්ද ප්රදර්ශනය කෙරිණි. මෙම සියලු මුදල් හා භාණ්ඩ ඔහු විසින් අල්ලස් ලෙස ලබාගෙන තිබූ ඒවා බව කියවේ.
China Huaong asset යනු 1999 පිහිටුවන ලද චීන රජයේ සෘජු අධීක්ෂණය යටතේ පාලනය වන මුල්ය සමාගමකි. ලොව පුරා විශාල ආයෝජනයන්, ණය දීම්, හා ගොඩනැගිලි ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ මෙම ජාත්යන්තර මුල්ය සමාගමයි. කෙසේ වෙතත් 2016 වසරට පසුව චීනයේ සිදුකරන පළමු මරණ දඩුවම මෙය වන අතර චීන ජනාධිපති Xi jinping විසින් රටේ මුල්ය කේෂ්ත්රය දැඩි මධ්යගතකරණයකට පත් කිරීමට තීරණය කිරීමෙන් පසු මෙම දඬුවම ක්රියාත්මක වීම විශේෂ කාරණයකි.
එසේම රටේ මුල්ය කේෂ්ත්රය ලිබරල් කරන ලෙස ඉල්ලු ලොව 27වන ධනපතියා වූත් චීන ප්රකෝටිපතියෙකුවුත් සුප්රසිද්ධ අලිබබා E -commerce සමාගමේ නිර්මාතෘ වන Jack Maa නැමැත්තාද පසුගිය ඔක්තෝබර් මස සිට අතුරුදහන් වී සිටි. ඔහුගේ ඩිජිටල් බැංකුවට එරෙහිව දුෂණ හා වංචා පිලිබඳ පරීක්ෂණයක් චීන පොලීසිය විසින් ආරම්හ කිරීමෙන් පසුව ඔහුද අතුරුදහන් වී සිටින බවද සඳහන්ය. මේ අතර දුෂණ චෝදනා එල්ලවී සිටින විශාල කෝටිපතියන් පිරිසක් රටෙන් පලා ගොස් ඇතැයිද විදෙස් මාධ්ය සඳහන් කරයි.










