ඉන්ධන හා විදුලියෙන් ධාවනය වන දෙමුහුන් වර්ගයේ විශාල ප්රමාණයේ දුම්රියක් අත්හදා බැලීම සාර්ථකව සිදු කිරීමට චීනය ඊයේ (12) සමත්ව තිබේ.
විවිධ දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කර ඇති එම දුම්රිය සෙන්ටිග්රේඩ් අංශක සෘණ 40ක කලගුණික තත්වයක් යටතේ සාර්ථකව මොංගෝලියානු කලාපය හරහා ධාවනය කර තිබේ. මෙම නවතම හයිබ්රිඩ් දුම්රිය පැයට කිලෝමීටර් 120ත් 160ත් අතර වේගයෙන් ධාවනය කිරීමට හැකියාව පවතින බවත් කාර්යක්ෂමතාවය හා පරිසරය සුරකින් මෙම හයිබ්රිඩ් දුම්රිය සඳහා මේ වනවිට ලොවපුරා ඉල්ලීම් රැසක් ලැබී ඇතැයි පැවසේ.
මීට මාස කිහිපයකට පෙර මෙම හයිබ්රිඩ් දුම්රිය අධික වියළි කාලගුණ තත්වයක් යටතේද සාර්ථකව අත්හදා බැලීමට චීනය කටයුතු කර තිබේ. ඉදිරියේදී මෙවැනි දෙමුහුන් අධිවේගී දුම්රියයන් ධාවනයට එකතු කිරීමට චීනය සූදානම් බව පැවසේ.











