චීටාවන්ට යලි පණ දෙන්න ඉන්දීය රජයේ තීරණයට අධිකරණය හරස් වෙයි

මීට වසර 100 කට පෙර ඉන්දියානු භූමියෙන් වඳවී ගිය චීටාවන් නැවත ඉන්දියානු වනාන්තර වලට හදුන්වාදීමට ඉන්දීය රජය විසින් කි‍්‍රයාත්මක කිරීමට යෝජිත වැඩපිලිවෙල ඉන්දීය ශ්‍රේෂඨධිකරණය විසින් පසුගියදා තහනම් කරන ලදි.

අපි‍්‍රකානු වනාන්තර වලින් ගෙන්වනු ලබන චීටාවන් මධ්‍ය ප‍්‍රදේශ් සහ රාජස්තාන් වනාන්තර ද්විත්වයට මුදාහැරීමට ඉන්දීය රජය විසින් ගෙන ඇති තීරණය දැඩි ලෙස විවේචන කරන වන සත්ව විශේශඥයන් පවසන්නේ අපි‍්‍රකානු චීටා, මීට වසර 100 කට පෙර ඉන්දියාවේ ජීවත්වූ ආසියානු චීටාට වඩා වෙනස් විශේෂයක් බවයි.

මේවන විට දැඩි ලෙස වදවීමේ තර්ජනයට ලක්වි ඇති ආසියානු චීටාවන් 100 ක පමණ ප‍්‍රමාණයක් ඉරාන කාන්තාර ආශී‍්‍රත ප‍්‍රදේශවල ජීවත් වන බවට වාර්තා වේ.

දඩයම් තරග සදහා මෙන්ම සම් සහ දත් ලබා ගැනීම සදහා මරාදමනු ලැබීම හේතුවෙන් මීට වසර 100 කට පෙරදී ඉන්දියානු භූමියෙන් චීටාවන් වදවී ගොස් ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්