චම්පිකට ජනතා විරෝධය

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක විදුලිබල අමාත්‍ය චම්පික රණවක සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මාලඹේ තලාහේන හල්බරාව ප්‍රදේශයේ ජනතාව හමුවට ගිය අවස්ථාවේ එම ජනතාව ප්‍රචාරක කටයුතු සඳහා පැමිණි පිරිසට විරෝධය දක්වා තිවේ.

චම්පික රණවකගේ ප්‍රචාරක ද්‍රව්‍ය බෙදා හැරීමට නියමිතව තිබී ඇති අතර ප්‍රදේශයේ ජනතාව ඔවුන්ගේන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ එසේ පැමිණි කණ්ඩායම පරමාණු බලශක්ති අධිකාරියේ පිරිසක් බවය.

ජනතාව ඔවුන්ට ගම තුළයට යාමට ඉඩ ලබා නොදී ඇති අතර ජනතා විරෝධය නොතකා කටයුතු කිරීමට ගිය පිරිසට ජනතා විරෝධය එල්ලවීම වැඩවීමත් සමග උණුම් කාරී තත්වයක් හටගෙන ති‍බේ. කෙසේ නමුත් එන්න එන්නම ප්‍රදේශවාසීන්ගේ ඒකරාශිවීම වැඩිවීමත් සමග ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇත.

එම පිරිස අතර පරමාණු බලශක්ති අධිකාරියේ දිනේෂ් ප්‍රමුඛ පිරිසක් පැමිණ සිටි බව ප්‍රදේශවාසීහු පවසති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්