මීට වසර 16කට පමණ පෙර එනම් 1999 දෙසැම්බර 18 වැනිදා කොළඹ නගර සභා පිටියේදී හිටපු ජනපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්කකර මරාගෙන මැරෙන එල්ටීටීඊ බෝම්බකාරියක් යොදවා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්නේයැයි චෝදනා ලබා සිටි දෙදෙනකු එම චෝදනාවන්ට වැරදි කරුවන් ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය අද (30) නියෝගයක් නිකුත් කර තිබේ.
චෝදනා ලබා සිටි අනික් සැකකාරිය නිදොස් කොට නිදහස් කළ අතර වරදකරුවන් වූ චන්ද්රා හට අවුරුදු 300ක සිරඳඩුවම් නියම කළ විනිසුරුවරිය එය අවුරුදු තිහකින් ගෙවන ලෙස ක්රියාත්මක කිරීමටත් උදය රාජා හට අවුරුදු 260ක සිරදඩුවම් වසර තිහකින් ගෙවෙන ලෙස ක්රියාත්මක කිරීමටත් විනිසුරුවරිය නියෝග කර ඇත.
චෝනදා 190ක් යටතේ ඔවුනට නඩු පවරා තිබිණි.









