ගංජා ප්රවාහනය කරමින් සිටියදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ මහීපාල හේරත් මහ ඇමතිවරයාගේ පෙරගමන් රථය එහි රියදුරු සහ ගංජා තොගය අද (22) කෑගල්ල අධිකරණයට ඉදිරිපත් කළ අතර චූදිතයා ලබන 29වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර රථය සහ ගංජා තොගය නඩු භාණ්ඩ වශයෙන් අධිකරණ භාරයේ තැබීමට නියෝග කෙරිණ.
මේ අතර මහීපාල හේරත් සම්බන්ධ තවත් අපරාධ රැසක් හෙළිවෙමින් තිබේ. 2013 වසරේදී කසිප්පු වැටලීමට ගිය පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට යකඩ පොලුවලින් පහරදී සුනිල් නැමති සාජන්වරයා ඝාතනය කර ඇත. එයට වැරදි කරු වූයේ මහීපාල හේරත්ගේ සමීපතම පාතාල ජාවාරම් කරුවෙකු වන “ඉස්කෝලයා” නැමැත්තෙකුය.
එසේම දැරණියගල ප්රදේශය පුරා දැඩි භීෂණයක් පතුරවමින් කාලයක් තම අනසක පතුරවාගෙන ගිය එම ප්රාදේශීය සභාවේ චම්පික විජේසිංහ හෙවත් අතකොටා නැමති පාතාලයා මෙහෙයවා ඇත්තේද මහීපාල හේරත් බව හෙළි වේ.
නූරී වතු අධිකාරීවරයා ඝාතනය කර ඇත්තේ මෙම අතකොටා බවට චෝදනා එල්ලවී තිබේ.









