පළවා හරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ පළවා හැරීම පිළිබඳව පොතක් රචනා කර හෙට (07) ජනගත කිරීමට සූදානම් කර ඇති බව නිවේදනය කර තිබේ.
එය නම් කර තිබෙන්නේ ඍජුවම නෙත ගැටෙන ලෙස “කුමන්ත්රණය“ යනුවෙනි. එහෙත් එහි සම්පූර්ණ නම “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්රණය“ යන්න ය. පොතේ කතෘ ලෙස ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් කර තිබේ. එහි පිටකවරයෙහි වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ “ජාත්යන්තර අනුග්රහයෙන් වූ ‘රෙජීම් චේන්ජ්‘ මෙහෙයුමෙන් ශ්රී ලංකාවේ ප්රජාතන්තවාදය හෑල්ලු වූ හැටි“ යනුවෙනි.
මෙම වසරේ තීරණාත්මක ජනාධිපතිවරණය යෙදී තිබෙන අතර තම කඳවුර බේරා ගැනීම වෙනුවෙන් රනිල් වික්රමසිංහ ඇතුළු පිරිස සමඟ අලුතින් සන්ධාන ගතවීම සඳහා බැසිල් රාජපක්ෂ ද මෙරට පැමිණ සිටී. බැසිල් පැමිණි විගසින් ගෝඨාභය රාජපක්ෂ මෙම රචනය සිංහල සහ ඉංග්රීසි යන භාෂා දෙකෙන්ම ප්රසිද්ධියට පත් කිරීමට සැලසුම් කර තිබේ.










