ගෝඨාභයගේ ගෝලයා අභ්‍යන්තර බල අරගලයක

ගෝඨාභයගේ ගෝලයා අභ්‍යන්තර බල අරගලයක

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අතිශය සමීපතමයෙකු වන නිස්සංක සේනාධිපතිගේ නිර්දේශය මත ජනාධිපති කාර්ය මණ්ඩලයට පත්කර සිටින පිරිස් මේ වනවිට එම ලේකම් කාර්යාලයේ කටයුතු තම අණසක යටතේ පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටින බව අනාවරණය වේ.

මෙම තත්වය හමුවේ වියත්මග නියෝජිතයන් මෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ පත්කර ගෙන සිටි ප්‍රවීණ කාර්ය මණ්ඩලය මෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ අවශ්‍යතාවය මත බඳවාගෙන සිටින පිරිසද දැඩි නොසන්සුන්තාවයකට පත්ව සිටිති. මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය අවම වශයෙන් කණ්ඩායම් 4කට බෙදී ඇති අතර නිස්සංක සේනාධිපතිගේ නිර්දේශ මත පත්කරන ලද පිරිස එම කණ්ඩායම් අතරින් බලවත්ව සිටින බව වැඩි දුරටත් අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්