ගෝඨාභයගෙන් වටගලට එන්තරවාසියක් – බිලියනයක් ඉල්ලයි

ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහතා තමාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට පැමිණිලි ඉදිරිපත් කරමින් තම කීර්ති නාමයට හානි සිදු කලැයි පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වන්දි වශයෙන් රුපියල් බිලියනක් සතියක් ඇතුළත ගෙවන ලෙස ඉල්ලා එන්තරවාසියක් යවා ඇති අතර එසේ නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කර තිබේ.

එම එන්තර් වාසිය පහතින් පළ වේ.


එසේ එන්තර්වාසි යැවීමට පාදක වූ ජවිපෙ විසින් අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට ගොනු කළ පැමිණිල්ලද පහතින් දැක් වේ.


ගෝඨාභය රාජපක්ෂ මහතා වන්දි ඉල්ලා මෙසේ එන්තර්වාසියක් යවා ඇති නීතීඥ සුනිල් වටගල මහතා යනු කොළඹ නගරයේ වතු නිවාස ආශ්‍රිතව පදිංචිව සිටි නිවාස හිමියන් ඉතා අසාධාරණ ලෙස ඉවත් කිරීමට ගෝඨභය රාජපක්ෂ මහතා කටයුතු කළ අවදියේද ඊට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් සංවිධානය කළ ජනතා නායකයෙකු වන අතර ඔහුගේ මැදිහත්වීම මත ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ක්‍රියාමාර්ග හකුලාගැනීසටද සිදුවිය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්