ගෝඨාගේ පෙත්සමෙන් අලුවිහාරේ ඉවත් වෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් රජයට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් තමන් ඉවත්වන බව බුවනෙක අළුවිහාරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා දන්වා තිබේ.

ඒ අද (13) එම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ හා සිසිර ද ආබෲ යන විනිසුරුවන් තිදෙනා පත් කර සිටි බව සඳහන්ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්