ගෝටාබය ඕන කියපු අයට ජනතා විරෝධය – GotaGoHome හඬින් හලාවත ගිගුම්දෙයි

ගෝටාබය ඕන කියපු අයට ජනතා විරෝධය – GotaGoHome හඬින් හලාවත ගිගුම්දෙයි

පාලකයන්ගේ අදූරදර්ශී පාලනයත්, වංචා දූෂනත් හේතුවෙන් රට බරපතල අගාධයකට වැටී ඇති අතර එයට විරෝධය දක්වමින් ජනතාව පෙල ගැසෙද්දී ජනාධිපතිවරයාට සහාය දක්වමින් ආණ්ඩුවේ මැදිහත් වීම මත පිරිසක් පාගමන් ආරම්භ කර තිබේ. එවැනි පාගමනක් අද (11) දින හලාවත නගරයේදී පැවැත්වීමට සූදානම් කර තිබුණත් ඒ සඳහා පැමිණි පිරිසට, හලාවත නගරයට රැස්වූ ජනතාව විරෝධය දක්වමින් සිටිති.

මේ වනවිට GotaGoHome යැයි කියමින් ඉතා විශාල ජන පිරිසක් හලාවත නගරයේ විරෝධතා පවත්වන අතර ගෝටාබයට සහාය පල කරමින් පැවැත්වීමට සංවිධානය කර තිබූ පාගම පවත්වා ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබේ.

මේ වනවිට දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක්ද හටගෙන ඇති නමුත් පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීම මත තත්වය පාලනය කර තිබේ.

එමෙන්ම මේ වනවිට ජනාධිපති ගෝටාබය රාජපක්ෂටත් ආණ්ඩුවටත් එරෙහි විරෝධතාවයට තව තවත් ජනතාව එක්රොක්වෙමින් සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්