වී අලෙවි මණ්ඩල පනත බලාත්මක කර වීවල සහතික මිල නීතිගත කිරීමට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, කුඩා හා මධ්යපරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය හා ඒකාබද්ධ වීමෝල් හිමියන්ගේ සංගමය ඇතුළු කුරුණෑගල, පොළොන්නරුව, මාතලේ, අනුරාධපුරය, මොනරාගල සහ හම්බන්තොට පදිංචි ගොවීන් 58දෙනෙකු පසුගිය 11 වනදා ශ්රේෂ්ඨාධිකරණයට ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 29 වැනිදා සලකා බැලීමට අභියාචානධිකරණය අද (21) තීන්දු කර තිබේ.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා හමුවේ කැඳවා තිබිණ.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස වී අලෙවි මණ්ඩලය, එහි සභාපති, ග්රාමීය ආර්ථික කටයුතු අමාත්ය පී. හැරිසන්, කෘෂිකර්ම අමාත්ය දුමින්ද දිසානායක, මුදල් අමාත්ය රවි කරුණානායක ඇතුළු දස දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිස පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල, නීතිඥ ජානක අධිකාරී සහ නීතීඥ තුශාර ගුණසේකර යන මහත්වරුන් පෙනී සිටිති.
ආශ්රිත පුවත්









