නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතනවල මැතිවරණ නොපවත්වා කොමසාරිස් පාළනයකට නතු කිරීමට විරෝධය දක්වමින් ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පවිත්රා වන්නිආරච්චි, ඩිලාන් පෙරේරා, මහින්ද යාපා අබේවර්ධන හා සී.බී.රත්නායක යන ඇමතිවරු මින් මද වේලාවකට පෙර ඇමති ධුරවලින් ඉල්ලා අස්වූහ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ පැවති මහින්ද රාජපක්ෂ පාලනය තුළ දූෂණ සහ වංචා ක්රියාවන්ට සම්බන්ධ වැරදි කරුවන්ට දඬුවම් කිරීම නතර කරගැනීමේ අරමුණෙන් ඔවුන් රනිල් – මෛත්රී ආණ්ඩුවේ ඇමති තනතුරු භාර ගත්තද ඔවුන්ගේ එම අරමුණු ඉටු කරගැනීමට නොහැති වාතාවරණයක් මතුවීම තුළ ඔවුන් සිය ඇමති ධුර අත්හැරීමට සිදුව ඇති බවයි.









