ගූගල් අර්ත් වෙබ් අඩවියේ සහ තවත් ලෝක සිතියම්වලත් නාවික සටහන්වලත් ඇතුළත් වූ දකුණු පැසිෆික් දූපතක් මේ වන විට සොයාගැනීමට නොහැකි බව වාර්තා වේ.
ඕස්ට්රේලියානු විද්යාඥයින් පිරිසක් විසින් කරන ලද ගවේෂණයකදී ඕස්ට්රේලියාව හා ප්රංශ නව කැලිඩෝනියා දූපත අතර පිහිටා ඇතැයි විශ්වාස කරන කළ මෙම දූපත තවදුරටත් නොපවතින බව සොයාගෙන තිබේ.
මෙම වැලි දූපත දශකයක පමණ කාලයක් සිතියම්වල සඳහන්ව තිබූ නමුත් සිඩ්නි සරසවියේ ගවේෂකයන් එම දූපත පැවති ප්රදේශයේ කරන ලද සංචාරයේදී හමුවී ඇත්තේ අඩි 4620ක් ගැඹුරු මුහුදු පතුල පමණි.
මෙම දූපත ගූගල් අර්ත් සිතියම්වලට ඇතුළත්වීම වසර ගණනාවක් පැවති සිතියම් මත යැපීම නිසා සිදුවූවක් බවට ඕස්ට්රේලියානු විද්යාඥයින් පවසද්දී ගූගල් ප්රකාශකයෙකු කියා ඇත්තේ, ලෝකය නිරතුරුව වෙනස් වෙමින් පවතින බැවින් මෙබඳු වෙනස්වීම් ඇතුළත් කිරීම නොනවතින කාර්යභාරයක් විය හැකි බවය.









