ගුවනින් ගෙනා රත්‍රන් තොගයක් පන්නලා – නියෝගය මහින්ද රාජපක්ෂගෙන්

ගුවනින් ගෙනා රත්‍රන් තොගයක් පන්නලා – නියෝගය මහින්ද රාජපක්ෂගෙන්

මහින්ද රාජපක්ෂ දෙවන වරට ජනාධිපති ධුරය දැරූ සමයේ මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළට නීති විරෝධීව ගුවනින් ගෙන ආ රත්‍රන් සහ ස්වර්ණාභරණ තොගයක් නිදහස් කර යවා ඇත.

සිය දිවි නසා ගත් හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුගේ ඥාතියෙකු ගෙන්වා ඇති එම රත්‍රන් තොගය නිදහස් කර යවා ඇත්තේ එවකට මුදල් ඇමති ලෙස කටයුතු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ ලබා දුන් නියෝගයක් අනුවය. රාවය පුවත්පතේ හිටපු මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ ලියන ලද “රාජපක්ෂ සමාගම” නම් කෘතියෙන් මෙම තොරතුරු හෙළි කර තිබේ.

එවකට හිටපු රේගු අධිකාරි ජගත් වීජේවීරට බලපෑම් කිරීමෙන් රත්‍රන් තොගය නිදහස් කර ඇති බවත් 2013 ජුනි 12 වෙනි දින මත්තල ගුවන් තොටුපළට පැමිණි UC827 දරන යානයෙන් එම රත්‍රන් තොගය ගෙනවිත් ඇති බවත් ලසන්ත රුහුණගේ සිය කෘතියෙන් වැඩිදුරටත් හෙළි කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්