ගුවන් තොටුපොළ සේවකයින්, නිලධාරීන් පරිහරණය කරන ආයතන ද්රව්ය (රථ වාහන, වාහන අමතරකොටස්, ලිපි ද්රව්ය) බැහැරට ගෙනයාම් සහ නැවත බාරදීම් ආදිය පරිගණක ආශ්රයෙන් ස්වයංක්රීයව සිදු කර ගැනීම සඳහා රුපියල් මිලියන 200ක මුදලක් වියදම් කර වැඩපිළිවෙලක් සකස් කර වසර 3කට අධික කාලයක් ගත වුවද එම වැඩ පිළිවෙල ඉතාමත් අසාර්ථක වී ඇතැයි වාර්තා වේ.
“e-w information systems” ලෙස නම් කර ඇති මෙම වැඩපිළිවෙල ඉදිරියට කරගෙනයාමේදී මෙරට කාර්මික ශිල්පීන්ට පැණනගින ගැටළු සහත තැන් විසඳා ගැනීම සඳහා මෙරට ශිල්පීන්ට උපදෙස් ලබා දීමට ගෙන්වා ඇති 6 දෙනෙකුගෙන් යුත් පකිස්තාණු කණ්ඩායමට එම කාර්යය සිදු කිරීමට නොහැකි වී ඇත. පකිස්තානයෙන් ගෙන්වා ඇති කණ්ඩායම එම අවස්ථාවලදී පත්වන අපහසුතාවයන් අනුව පෙනී යන්නේ අදාළ කටයුතු සඳහා උපදෙස් ලබා දීමට අවශ්ය තරම් දැනුමක් ඔවුන් සතුව නොතිබෙව බව යැයි ගුවන් තොටුපළ ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම වැඩසටහන ආරම්භයේදී පකිස්තාණු උපදේශකයින් 12ස් දෙනෙකු සිටි අතර මේ වනවිට ඉන් 6 දෙනෙකු ඉවත් කර තිබේ.
ප්රියංකර ජයරත්න මහතා සිවිල් ගුවන්සේවා ඇමතිවරයා සමයේ ප්රසන්න වික්රමසූරිය මහතා ගුවන්තොටුපළ සභාපති සමයේ 2013 වසරේ මැද භාගයේදී මෙම වැඩසටහන ආරම්භ කර ඇති අතර මේ වනවිට එය මුදල් නාස්ති කරන සුදු අලියෙකුගේ තත්වය පත්ව ඇතැයි පැවසේ. එවකට සිටි ගුවන්තොටුපොළ සභාපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම ඥාති පුත්රයෙකු වන අතර ඔහුගේ අවශ්යතාවය මත මෙම වැඩසටහන ආරම්භ කරන ලද්දකි.
එම පරිගණක වැඩසටහනටද මුදල් වියදම් කරන අතරේ පෙරපරිදම තවත් මුදලක් වැයකරමින් ලිපි ගොණු පුරවමින් කටයුතු කිරීමට සේවකයන්ට සිදු වීම සම්බන්ධයෙන් සේවකයන් තුළ විරෝධයක් මතුවෙමින් පවතින බවද වැඩිදුරටත් සඳහන් වේ.









