එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගිනි බිසව් රාජ්යයේ හමුදා නායකයින් 5 දෙනෙකුට රටින් පිටවීමේ තහනමක් පනවා තිබේ.
මෙම තහනම පනවමින් ප්රකාශයට පත් කළ යෝජනාවලිය මගින් අවධාරණය කෙරෙනුයේ සොල්දාදුවන් බැරැක්කවලට කැඳවා හමුදා නායකයින් රට තුළ ප්රජාතන්ත්රවාදය යළි ස්ථාපනය කිරීමට පියවර ගත යුතු බවයි.
ගිනි බිසව් රාජ්ය යේ යළි සිවිල් පරිපාලනය ස්ථාපනය නොකළ හොත් එරටට එරෙහිව අවි තහනමක් සහ මූල්ය සම්බාධක පනවන බවට ද ආරක්ෂක මණ්ඩලය අනතුරු අඟවයි.
යුරෝපා සංගමය දැනටමත් එරටට එරෙහව සම්බාධක පනවා තිබේ.
බටහිර අප්රිකානු ආර්ථික හවුලේ රටවල් ගිනි බිසව් රාජ්යය සිවිල් පාලනයට හුවමාරු වන්නේ දැයි නිරීක්ෂණය කිරීමට හමුදා කණ්ඩායමක් යැවීමට ද පියවර ගෙන තිබේ.
ඉකුත් අප්රේල් 12 වැනිදා ක්රියාත්මක වු හමුදා කුමන්ත්රණයකින් ජෙනරල් ඇන්ටෝනියෝ ඉන්ජයිගේ ගිනි බිසව් රජයේ බලය අල්ලා ගත්තේය.









