ගිනි අවි ඉල්ලන මන්ත්‍රීවරු ගැන TNA මන්ත්‍රීගෙන් අමුතු කතාවක්

ගිනි අවි ඉල්ලන මන්ත්‍රීවරු ගැන TNA මන්ත්‍රීගෙන් අමුතු කතාවක්

තම ජීවිතවලට තර්ජන එල්ල වී ඇති බව කියමින් ගිනි අවි ඉල්ලීම් සිදු කර ඇති විපක්ෂ මන්ත්‍රීවරු ගැන ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශ්‍රී ධරන් වෙනස් ම විග්‍රහයක් සිදු කර තිබේ.

ඔහු පෙන්වා දී තිබෙන්නේ ආරක්ෂක අංශවල ආරක්ෂාව නොඉල්ලා ගිනි අවි ඉල්ලීම බරපතළ තත්වයක් බව ය. ගිනි අවියක් භාවිතා කිරීමට නම් අදාළ පුද්ගලයාට මනා පුහුණුවක් තිබිය යුතු බව ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ එම්. ඒ. සුමන්තිරන් ද ශ්‍රී ධරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය අනුමත කර ඇත. එමෙන් ම, මධ්‍යස්ථ විචාරකයන් රැසක් ද තම ජීවිතවලට තර්ජනයක් ඇත්නම් ආරක්ෂක අංශවලින් ආරක්ෂාව ඉල්ලීම වෙනුවට ගිනි අවි ඉල්ලා සිටීමේ පදනම පැහැදිලි නැති බව පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්