ගෑස් වංචාවකුත් කරලියට?

ගෑස් වංචාවකුත් කරලියට?

ගෑස් මිල වැඩි කිරීමට අදාල සමාගම් අවුරුදු උත්සව සමයට පෙර දරණ ලද උත්සාහය තාවකාලිකව අකුලා ගැනීමට සිදුවීමෙන් පසුව බරපතල ගෑස් වංචාවක් සිදුකරමින් තිබෙන බවට තොරතුරු අනාවරණය වේ.

මෙය සිදු කරන්නේ කිලෝ ග්‍රෑම් 12.5ක් තිබිය යුතු ගෑස් සිලින්ඩරයක නියමිත බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 9.18 දක්වා අඩු කිරීමෙනි. මේ වනවිට අදාළ ගෑස් සමාගම් විසින් මෙසේ අඩු බරින් යුක්තව පුරවන ලද ගෑස් සිලින්ඩර් වෙළඳපොලට නිකුත් කර ඇති බවට තොරතුරු හෙළි වේ.

මේ මගින් සිදු කරන පාරිභෝගිකයන් ගසා කෑම පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියත් ආණ්ඩුවත් මුනිවත රකිමින් සිටින බව ජනතාව චෝදනා කරති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්