කොළඹ ගාලු මුවදොර පිටිය ප්රදේශයේ පැවැත්වෙන විරෝධතාවය අද (12) සිව්වන දිනටත් අඛණ්ඩව පැවැත් වේ.
දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වන දින එම විරෝධතාවය ආරම්භ වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් සවිකර ගනිමින් විරෝධතාකරුවෝ දිවා රෑ විරෝධතාවයේ නිරත වී සිටිති.
එම විරෝධතාවය සඳහා ඊයේ (11) රාත්රියේදීත් රංගන ශිල්පීන් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්රැස් වී සිටියහ.
ඊයේ රාත්රීයේ ගාලු මුවදොර පිටියට අධික ලෙස වර්ෂාවක් පතිත වුවද විරෝධතාකරුවන් අඛණ්ඩව සිය විරෝධතාවයේ නිරතවූහ.































