ගාල්ලේ තවත් පාසලකට කොරෝන බලපෑම්… පන්ති දෙකක් වහයි…

ගාල්ලේ තවත් පාසලකට කොරෝන බලපෑම්… පන්ති දෙකක් වහයි…

කොවිඩ් – 19 වෛරසයේ බලපෑම හේතුවෙන් ගාල්ල සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලයේ පන්ති දෙකක් වසා දමා තිබේ.

ඒ එම පාසලේ 09 ශ්‍රේණියේ සහ 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පවුල් දෙකකට අයත් සිසුන් දෙදෙනෙකුගේ මව් පියන් කොවිඩ් ආසාදිතයන් බව හඳුනා ගෙන ඇත.

ගාල්ල මහ නගර සභාවේ සේවකයෙකු වන 09 ශ්‍රේණියේ සිසුවාගේ පියා එක් ආසාදිදයෙකු වන අතර 05 ශ්‍රේණියේ සිසුවාගේ මවද ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙම ශ්‍රේණි දෙකේ සියලුම් සිසු සිසුවියන්ට සිය නිවෙස්වල නිරෝධායනය වන ලෙසද දැනුම් දී ඇත.

09 ශ්‍රේණියේ සිසුවාගේ මව පසුගිය 05වනදා එම පාසලේ පැවති ශ්‍රමදානයකටද සහභාගී වී ඇතැයි මේ වනවිට හඳුනාගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්