ගාල්ලේදී අදත් දුම්රිය අනතුරක්

ගාල්ලේ සිට කොළඹ කොටුව බලා ‍ධාවනය වන අංක 320 දරණ දුම්රිය ගාල්ල දුම්රියපොළේදී පීලි පැන ඇතැයි වාර්තාවේ.

S8 වර්ගයේ දුම්රියක් වන මෙය අද (29) අළුයම 4.15ට ගාල්ල දුම්රිය පොලින්  පිටත්වීමට නියමිතව තිබී ඇත.

දුම්රිය අංගනයේ සිට ගාල්ල දුම්රිපොළට පැමි‍ණීමේදී පීලි පැන තිබේන අතර දුම්රිය මාර්ගය අඩියක් පමණ දුරකට ගැලවී ‍ගෝස් ඇතැයි වාර්තාවේ.

මේ වන විට කොළඹ සිට මාතරටත් මාතර සිට කොළඹටත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන සියළුම දුම්රිය ධාවනය ඇනහිට ඇතැයි වාර්තාවේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්